බස්නාහිර පළාත් සභා ආයතනවල කාර්ය සාධන ඇගයීමේ වැඩසටහන -2023

ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් මත “සහජීවනය සහ තිරසර සංවර්ධනය තුලින් බස්නාහිර පෙරට” යන දැක්ම ඔස්සේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් 2022/2023 වර්ෂ පදනම්ව බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ඇගයීමේ තරඟාවලියක් සංවිධානය කර ඇත. ඒ අනුව, ජාතික හා පළාත් සංවර්ධනයට ක්‍රියාශීලිව දායක වෙමින්, බස්නාහිර පළාත් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම හා පළාත් ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම පළාත් සභාව වෙත පැවරී ඇති කාර්ය භාරය සඵලදායීව ඉටු කර ගැනීම සඳහා බස්නාහිර පළාත් සභාවෙහි සියලුම රාජ්‍ය ආයතන දිශාගත කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. මෙම කාර්ය සාධනය ඇගයීම මත පදනම්ව බස්නාහිර පළාත් සභාවෙහි සියලුම ආයතනවල කාර්ය සාධන මට්ටම මැනීම කරනු ලබන අතර ඒ අනුව ආයතන ශ්‍රේණිගත කරනු ලැබේ. එමගින් ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ආයතන පෙළඹවීම, මෙම තරඟාවලියේ මුඛ්‍ය අරමුණ වන අතර ඉදිරි වර්ෂවලදීද තරඟාවලිය පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

කාර්ය සාධන ඇගයීමේ වැඩසටහනේ තෙවන අදියර සඳහා සුදුසුකම් ලබාඇති ආයතන ලැයිස්තුව සඳහා මෙම සබැඳිය මත click කරන්න

^ ඉදිරි දෙසතිය තුල අධීක්ෂණ මණ්ඩලය ඔබ ආයතනයට පැමිණෙන බැවින් ඒ සඳහා සූදානම් වන්න^

 

**පහත සබැඳියන් ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක**

01. ලියාපදිංචි වී ඇති ආයතන (ලියාපදිංචි කේතය සහිතව) – අමාත්‍යංශ අනුව

02. ලියාපදිංචි වී ඇති ආයතන (ලියාපදිංචි කේතය සහිතව) – තරඟ කාණ්ඩය අනුව

03. පාලන චක්‍රෙල්ඛ 01/2023

04. පාලන චක්‍රෙල්ඛ 01/2023(1)

05. සංරචක ලැයිස්තුව

06. කාර්ය සාධන ඇගයීමේ වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට අදාලව 2023.05.26 දින නිකුත් කරන ලද ලිපිය

07. කාර්ය සාධන ඇගයීමේ වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට අදාලව 2023.07.07 දින නිකුත් කරන ලද ලිපිය

 

මිට අමතරව වෙනත් තොරතුරක් දැනගැනීමට වෙතොත් කරුණාකර පහත සඳහන් නිලධාරීන් සම්බන්ධ කරගන්න.

නම තනතුර දුරකථන අංකය
ඩී.පී.ආර්.අබේසුරිය මිය සහකාර ප්‍රධාන ලේකම් (පාලන) 0112092613
කේ.එන්.සූරියආරච්චි‍ මිය සහකාර ප්‍රධාන ලේකම් (පාලන) 0112092608

 

තොරතුරු තාක්ෂණ ඒකකය – itunit@wpc.gov.lk