බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ඇගයීමේ තරඟාවලිය -2024

ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් මත “සහජීවනය සහ තිරසර සංවර්ධනය තුලින් බස්නාහිර පෙරට” යන තේමාව යටතේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් පසුගිය වසරේ මෙන්ම මෙවරද  බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ඇගයීමේ තරඟාවලිය – 2024 පැවැත්වේ.

‍මෙම තරඟාවලිය තුළින් බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් යෙදවුම් ආර්ථික වශයෙන් ඵලදායීව භාවිතා කිරීම, ක්‍රියාවලීන් කාර්යක්ෂමව සිදු කිරීම සහ සමානාත්මතාවයේ පදනම හා අපේක්‍ෂිත ප්‍රතිඵල ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීම සහ පාරිසරික ප්‍රතිපත්ති වලට අනුකූල වීම සිදු වන්නේද යන්න මැන බැලීම අපේක්ෂා කෙරේ. තවද, නීති සහ රෙගුලාසි වලට අනුකූලතාව දැක්වීම, විශ්වාසවන්තභාවය, වලංගුභාවය සහ තොරතුරු ලබා ගැනීමේ පහසුව, ආචාර ධර්ම, අඛණ්ඩතාවය, සාධාරණත්වය සහ අඛණ්ඩ වර්ධනය වැනි පොදු වටිනාකම් පවත්වාගෙන යාම ද එයට ඇතුලත් වේ. ඒ අනුව, කාර්ය සාධන ඇගයිම සඳහා බස්නාහිර පළාත් සභාවේ ආයතනයන් කාණ්ඩ 12ක් යටතේ ප්‍රධාන ක්ෂේත්‍රයන් 07 ක් සඳහා හඳුනාගත්  ඇගයීම් ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.

01. සංරචක සඳහා ලකුණු ලබා දීමේ පොදු උපදෙස් මාලාව සඳහා මෙම සබැඳිය මත click කරන්න

02. එක් එක් ආයතනයේ සංරචක භාගතකර ගැනීමට මෙම සබැඳිය මත click කරන්න

03. ආයතන කේතය ලබා ගැනීමට මෙම සබැඳිය මත click කරන්න

ආයතනික කේත ලබා ගැනීමේදී ඉහත Excel Sheet එක බාගත කරගෙන, පහත දක්වා ඇති පරිදි ඔබට අදාල tab එක වෙත පිවිස අදාල කේතය ලබාගන්න.

අමාත්‍යාංශ කාණ්ඩයේ ආයතන- Ministries

දෙපාර්තමේන්තු කාණ්ඩයේ ආයතන- Departments

පළාත් පාලන කාණ්ඩයේ ආයතන- MC, UC, PS

දිස්ත්‍රික් මට්ටමේ ආයතන- District

ප්‍රාදේශීය/ කොට්ඨාඨාශ, ළමා/වැඩිහිටි/නේවාසික/පුනරුත්ථාපන කාණ්ඩයේ ආයතන- Divisional, PROB

කලාප මට්ටමේ ආයතන- Zonal

ව්‍යවස්ථාපිත කාණ්ඩයේ ආයතන- Constitutional

පළාත් සභා රෝහල් කාණ්ඩයේ ආයතන- HOSDIS, HOSBA, HOSBB, HOSDA, HOSDB, HOSDC, HOSPR, MOH

ආයුර්වේද රෝහල් කාණ්ඩයේ ආයතන- AYUD, AYUR, AYUC

පළාත් සභා පාසල්- SCH1AB, SCHC, SCHT2, SCHT3

කලාප අධ්‍යාපන කාර්යාල කාණ්ඩයේ ආයතන- Zonal-E

පුහුණු ආයතන- Training Institutes

නිෂ්පාදන/ අලෙවි කාණ්ඩයේ ආයතන- SALES

**පහත සබැඳියන් ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක**

01. පාලන චක්‍රෙල්ඛ 01/2024

 

 

මිට අමතරව වෙනත් තොරතුරක් දැනගැනීමට වෙතොත් කරුණාකර පහත සඳහන් නිලධාරීන් සම්බන්ධ කරගන්න.

නම තනතුර දුරකථන අංකය
නදීෂා ඩී. සපරමාදු මිය සහකාර ප්‍රධාන ලේකම් (පාලන) 0112092608 / 0717696636

 

තොරතුරු තාක්ෂණ ඒකකය – itunit@wpc.gov.lk